පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු පුහුණු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් වුණා.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 189 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි.

Wesley Madhevere ලකුණු 43 ක් හා Milton Shumba ලකුණු 32 ක් රැස් කළා. Craig Ervine ලකුණු 23 යි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 39 කට කඩුලු 2 ක් දවා ගත් අතර, චාමික කරුණාරත්න ලකුණු 26 කට කඩුලු 2 ක් බිද හෙලුවා. ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 5 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගනිමින්.

මෙම තරගයේ දී ද පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 57 ක්.

පැතුම් නිස්සංක පන්දු 15 කදී ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, බ්‍රැඩ් එවන්ස් යොමු කළ පන්දුවකට ක්‍රෙයිග් අර්වින් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 54 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් සමගින්. ඔහු දැවී ගියේ Ryan Burl ගේ පන්දුවකට Richard Ngarava අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ ලකුණු 17 බැගින් ලබා සිටියදී දැවී ගියා.

වනිදු හසරංග පන්දු 14 කින් වේගවත් ලකුණු 37 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් සමගින්. දසුන් ශානක නොදැවී ලකුණු 16(13) යි.

https://twitter.com/cric12222/status/1579736308510965761?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...