ලෝක කුසලානයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව නිවේදනය කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි.

එළඹෙන 16 වැනිදා ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවැත්වීමට නියමිත තරගයත් සමග ආරම්භ වන 20යි 20 ලෝක කුසලානය සදහා කණ්ඩායම් 16 ක් තරග වදිනවා.

ශ්‍රී ලංකා – නැමීබියා තරගය මෙරට වේලාවෙන් එළඹෙන 16 වැනිදා පෙරවරු 9.30 ට ජීලෝන්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් තරග කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගැනීමට සිරස TV නාලිකාව සමත්ව තිබෙනවා.

සිරස TV නාලිකාව ඇතුළත් එම් ටී වී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී සුසාර දිනාල් මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ තරගාවලියේ සියලු තරග සිරස TV ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙන බවයි.

මේ අතර, මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා පවසා සිටියේ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ විකාශන අයිතියක් ලබා ගැනීම සදහා සිදු කෙරුණු විශාලතම මූල්‍ය ආයෝජනය මෙය විය යුතු බවයි.

තරගාවලිය Star Sports මාධ්‍ය ජාලය තුළින් ද නැරඹිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...