නවසීලන්තයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද(9) සමත් වුණා.
ක්‍රයිස්චර්ච් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් රැස් කළා.
නුජ්මුල් හොසේන් ලකුණු 33 ක් ලබා ගත් අතර, නුරුල් හසාන් නොදැවී ලකුණු 25 යි.
පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, මයිකල් බ්‍රේස්වෙල් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 17.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඩෙවෝන් කොන්වේ පන්දු 51 කින් නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තා. කේන් විලියම්සන් ලකුණු 30 යි.
පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා හසාන් මහ්මූද් කඩුල්ල බැගින් බිද හෙලුවා.
බංග්ලාදේශය මේ වන විට මෙම තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව තිබෙනවා.

