ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය කල් යයි

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය පැවැත්වෙන දිනයේ සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මීට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ එම තරගය ඔක්තෝබර් 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, එම තරගය ඔක්තෝබර් 11 වැනිදා දක්වා දිනකින් කල් දැමීමට අයි.සී.සී ය කටයුතු කර ඇති බව සදහන්.

සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණීමේ ප්‍රමාදයක් සිදුව ඇති බැවින් මෙම පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බර්න් හි Junction Oval ක්‍රීඩාංගනයේ දී සිය දෙවැනි පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහිවයි.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිවත්, ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මේ වන විට ඔස්ට්‍රේලියාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග එක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...