Watch : ප්‍රේක්ෂකයින් මවිතයට පත් කළ මේයර්ස්ගේ සුපිරි හයේ පහර

Date:

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද නිමා වුණේ කඩුලු 3ක තියුණු ජයක් ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

Match Report : අවසන් පන්දුවාරයේ කොදෙව්වන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ ඔස්ට්‍රේලියාවට කඩුලු 3 ක ජයක්

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හි Carrara Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 146 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 145 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

කොදෙව් ඉනිමේ ඉහළම ලකුණුලාභියා වූ ක්යල් මේයර්ස් පන්දු 36 කින් ලකුණු 39 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු එල්ල කළ අලංකාර හයේ පහර මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...