ලෝක කුසලානයේ දී බලපෑමක් එල්ල කළ හැකි බවට අයි.සී.සීය මත පල කළ ක්‍රීඩකයින් 10 දෙනා

Date:

මෙවර ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 12 ක පමණ කාලයක් පමණයි.

තරගාවලියේ පළමු වටය සදහා කණ්ඩායම් 8ක් තරග වදින අතර, ඒ අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් අවසන්.

ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර ඔක්තෝබර් 16 වැනිදා පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා රටවල් 16 ක් ක්‍රීඩා කරනවා.

Also Read : T20 ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

මෙවර තරගාවලියේ දී ඉහළ දකෂතා දැක්විය හැකි හා බලපෑමක් එල්ල කළ හැකි ක්‍රීඩකයින් 10 දෙනෙකු පිළිබද සදහන් කරමින් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) සිය නිල වෙබ් අඩවියේ ලිපි දෙකක් පල කර තිබෙනවා

ඉහළ දක්ෂතා දැක්විය හැකි බවට අපේක්ෂා කළ හැකි ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකු පිළිබද මීට පෙර අයි.සී.සී ය මත පල කර තිබූ අතර, අද දිනයේ දී ඔවුන් බලපෑමක් එල්ල කළ හැකි තරුණ ක්‍රීඩකයින් පස් දෙනෙකු සම්බන්ධයෙන් ද විමසා බැලීමක් සිදු කර තිබෙනවා.

Also Read : ගුවන් යානය මග හැරුණු නිසා හෙට්මයර් ලෝක කුසලානයෙන් ඉවත් කරයි

ඉහළ දක්ෂතා දැක්විය හැකි බවට අපේක්ෂා කරන ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනා අතරට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඉහළ දක්ෂතා දැක්විය හැකි බවට අයි.සී.සී ය විසින් මත පල කළ ප්‍රධාන ක්‍රීඩකයින් පස් දෙනා –

1. David Warner (Australia)

2. Wanindu Hasaranga (Sri Lanka)

3. Jos Buttler (England)

4. Suryakumar Yadav (India)

5. Mohammad Rizwan (Pakistan)

බලපෑමක් එල්ල කළ හැකි බවට අයි.සී.සී ය විසින් මත පල කර ඇති තරුණ ක්‍රීඩකයින් පස් දෙනා –

1. Arshdeep Singh (India)

2. Vriitya Aravind (UAE)

3. Fazalhaq Farooqi (Afghanistan)

4. Tristan Stubbs (South Africa)

5. Naseem Shah (Pakistan)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...