ශ්‍රී ලංකාව පරදා Road Safety World Series ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කළ 2022 Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කරමින්.

රායිපූර්හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 196 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.

සනත් ජයසූරිය ලකුණු 5 කට දැවී ගිය අතර, ඩිල්ෂාන් මුණවීර ලකුණු 9යි. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 11කටත්, උපුල් තරංග ලකුණු 10කටත් දැවී ගියා. අසේල ගුණරත්න ලකුණු 19 ක් ලබා ගත්තා. ජීවන් මෙන්ඩිස් ලකුණු 20 යි.

අනතුරුව මහේල උඩවත්ත හා ඉෂාන් ජයරත්න 7 වැනි කඩුල්ල සදහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

මහේල ලකුණු 26 ක් ලබා ගත්තේ පන්දු 19 කින්. ඉසුරු උදාන පළමු පන්දුවෙන්ම දැවී ගියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඉෂාන් ජයරත්න ලකුණු 51 ක් රැස් කළේ පන්දු 22 කින්. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 4 කින් වර්ණවත් වුණා. ධම්මික ප්‍රසාද් ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී විනයි කුමාර් ලකුණු 38 කට කඩුලු 3ක් හා අභිමන්යූ මිතුන් ලකුණු 28 කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් රැස් කළේ නාමන් ඕජා වාර්තා කළ විශිෂ්ඨ ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නාමන් ඕජා සමගින් සචින් ටෙන්ඩුල්කාර්. ටෙන්ඩුල්කාර් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. සුරේෂ් රයිනා ද නුවන් කුලසේකරගේම පන්දුවක් හමුවේ ලකුණු 4(2) කට දැවි ගියා.

විනයි කුමාර් පන්දු 21 කින් ලකුණු 36 ක් රැස් කළා. යුවරාජ් සිං ලකුණු 19 යි. ඉර්ෆාන් පතාන් ලකුණු 11කටත්, යුසුෆ් පතාන් ලකුණු නොලබාත් දැවී ගියා.

සුපිරි ශතකයක් වාර්තා කළ නාමන් ඕජා පන්දු 71 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 108 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්. ස්ටුවර්ට් බිනී නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉසුරු උදාන කඩුලු 2 ක් ද, ඉෂාන් ජයරත්න එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...