පාකිස්තාන ආරම්භක පිතිකරු හා නායක බාබර් අසාම් පන්දු 59 කින් නොදැවී ලබා ගත් ලකුණු 87 අපතේ යවමින්, එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 41 කින් නොදැවී රැස් කළ ලකුණු 88 හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන තරග 7 කින් යුත් 20යි 20 තරගාවලියේ 6 වැනි තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ලාහෝර් හී දී පැවැති මෙම තරගයෙන් ලැබූ ජයග්‍රහනයත් සමග එංගලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලිය සම තත්ත්වයට රැගෙන ඒමට සමත්ව ඇත්තේ තරග 3-3 ක් ලෙසයි.
තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 170 ක ඉලක්කය එංගලන්තය සපුරා ගත්තේ පන්දුවාර 14.3 ක් පමණක් අවසානයේ කඩුලු 2ක් දැවී සිටියදීයි.
හයේ පහර 3කින් හා හතරේ පහර 13 කින් වාර්තා වූ සෝල්ට්ගේ නොදැවුණු සුවිශේෂී ඉනිමේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 19 කින්.
ඔහුට අමතරව එංගලන්ත හඹා යාම වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් ලකුණු 27 ක් ද, ඩේවිඩ් මලාන් හා බෙන් ඩකට් (නොදැවී) ලකුණු 26 බැගින් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ ශඩාබ් ඛාන් විසින්.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක මොයීන් අලීගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 169 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.
හයේ පහර 3කින් හා හතරේ පහර 7 කින් වාර්තා වූ බාබර්ගේ නොදැවුණු ලකුණු 87 ට අමතරව ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 31 ක් හා හෙයිදර් අලී ලකුණු 18 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක 7 වැනි හා අවසන් 20යි 20 තරගය හෙට(2) ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.
Ouch! 😬#PAKvENG | #UKSePK pic.twitter.com/DaD6EwSaVV
— Pakistan Cricket (@TheRealPCB) September 30, 2022

