නියුමෝනියාව වැළදුණු නසීම් ශාහ්ට කොවිඩ් 19 ආසාදනය වෙයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ, නියුමෝනියාව වැළදීම හේතුවෙන් ඔහුව පසුගිය අගහරුවාදා (27) රාත්‍රී කාලයේ දී රෝහල් ගත කර තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත්, මේ වන විට නසීම් ශාහ් රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින් ඔහුට එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

එංගලන්තය සමග පැවැත්වෙන 20යි 20 තරගාවලිය අතරතුර දී මීට පෙර ද පාකිස්තාන සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.

ඔක්තෝබර් දෙවැනිදා එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය අවසන් වන අතර, අනතුරුව ඔක්තෝබර් 3 වැනිදා පාකිස්තාන කණ්ඩායම තුන්කොන් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

අනතුරුව ඔවුන් 20යි 20 ලෝක කුසලානය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට පිටත්ව යාමට ද නියමිතව තිබෙනවා.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නසීම් ශාහ්ට නවසීලන්ත තරග සංචාරයට සහභාගී විය හැකිදැයි මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...