ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් මනිපාල් ටයිගර්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
ඉන්දියාවේ කටක්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
හැමිල්ටන් මසකඩ්සා නොදැවී ලකුණු 68 ක් පන්දු 39 කින් ලබා ගත්තා. රෝස් ටේලර් ලකුණු 29 ක් රැස් කළ අතර, සොලමන් මීරේ ලකුණු 28 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මුත්තයියා මුරලිදරන් පන්දුවාර 4 තුළ ලකුණු 15 කට එක් කඩුල්ලක් දවා ගත්තා. දිල්හාර ප්‍රනාන්දු පන්දුවාර 2ක් යොමු කර ලකුණු 19කට කඩුල්ලක් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මනිපාල් ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 161 ක් රැස් කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.
ජෙසී රයිඩර් පන්දු 56 කින් ලකුණු 79 ක් රැස් කළ අතර, මොහමඩ් කයිෆ් පන්දු 48 කින් ලකුණු 67 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ලියම් ප්ලන්කට් හා රාජත් භාටියා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මේ වන විට තරග 5කදී ජයග්‍රහන 3ක් වාර්තා කර සිටින කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 7ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් අවසන් වටය සදහා සුදුසුකම් ලබා සිටිනවා.
https://twitter.com/cric12222/status/1575701553079787520

