අර්ෂ්දීප්, දීපක්ගේ සුපිරි පන්දු යැවීම හා රාහුල්, සූර්යකුමාර්ගේ අර්ධ ශතක ඉන්දියාවට ජය ගෙනෙයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(28) සමත් වුණා.

තිරුවානන්තපුරම් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිට් ෂර්මා ලකුණු නොලබාත්, විරාට් කෝලි ලකුණු 3කටත් දැවී ගියා.

අනතුරුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 93(63) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කේ.එල් රාහුල් හා සූර්යකුමාර් යාදව් සමත් වුණා.

රාහුල් නොදැවී ලකුණු 51 (56) ක් හා සූර්යකුමාර් නොදැවී ලකුණු 50 (33) ක් රැස් කළා. පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා අන්රික් නොකියා කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මාගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළ ලකුණු 106 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ඒ, දකුණු අප්‍රිකානු මුල් පෙල පිතිකරුවන් පස් දෙනෙකුම මුළු ලකුණු සංඛ්‍යාව 9 ක් ලෙස සටහන්ව තිබියදී යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය වේග පන්දු යවන්නන් සමත්ව තිබූ පසුබිමකයි.

නායක ටෙම්බා බවුමා පන්දු 4 කට මුහුණ දී ලකුණු නොලබා දැවී ගිය අතර, රයිලි රොසෝව්, ඩේවිඩ් මිලර් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ක්වෙන්ටන් ඩී කොක් රැස් කළේ එක් ලකුණක් පමණයි.

කේෂාව් මහරාජ් ලකුණු 41 ක් ලබා ගත් අතර, ඒඩ්න් මාක්‍රම් ලකුණු 25 ක් හා වේන් පාර්නෙල් ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං කඩුලු 3 ක් දවා ගත්තා. දීපක් චහාර් හා හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

https://twitter.com/cric12222/status/1575169340680204295

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...