Watch : සුපිරි දෝලනය හමුවේ දකුණු අප්‍රිකාවේ කඩුලු 5 ක් ලකුණු 9ට දැවී ගිය හැටි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(28) රාත්‍රී 7ට තිරුවානන්තපුරම් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සුපිරි පන්දු යැවීමකින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඉන්දීය වේග පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකානු මුල් පෙල පිතිකරුවන් පස් දෙනෙකුම මුළු ලකුණු සංඛ්‍යාව 9 ක් ලෙස සටහන්ව තිබියදී යළි ක්‍රීඩාගාරය වෙත හරවා යවමින්.

නායක ටෙම්බා බවුමා පන්දු 4 කට මුහුණ දී ලකුණු නොලබා දැවී ගිය අතර, රයිලි රොසෝව්, ඩේවිඩ් මිලර් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ක්වෙන්ටන් ඩී කොක් රැස් කළේ එක් ලකුණක් පමණයි.

එම කඩුලු පහෙන් කඩුලු 3 ක් අර්ෂ්දීප් සිං දවා ගත් අතර, කඩුලු 2ක් දීපක් චහාර් දවා ගත්තා.

දකුණු අප්‍රිකාව මෙම තරගයේ දී පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් ලබා ගනිමින්.

(පළමු කඩුලු පහ දැවී ගිය අයුරු ඇතුළත් දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...