මෙහිදි හා මොසඩෙක් බංග්ලාදේශයට තරග 2-0 ක ජයක් හිමි කර දෙයි

Date:

මෙහිදි හසාන් හා මොසඩෙක් හොසේන් දැක් වූ දක්ෂතා හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඩුබායි හී දී පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

එමීර් කණ්ඩායමේ ඇරයුමෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.

ඉනිම ආරම්භ කළ මෙහිදි හසාන් මිරාස් ලකුණු 46 ක් රැස් කළ අතර, මොසඩෙක් හොසේන් ලකුණු 27 ක් ද, ලිටොන් දාස් ලකුණු 25 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අෆ්සල් ඛාන් ලකුණු 33 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

සී රිස්වාන් නොදැවී ලකුණු 51 ක් ලබා ගත්තේ පන්දු 36 කින්. බසිල් හමීඩ් ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී මොසඩෙක් හොසේන් ලකුණු 8කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...