පොන්ටින්ට පමණක් දෙවැනි වූ දෝනිගේ මේ වාර්තා ගැන ඔබ දැන සිටියාද ?

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ඊයේ (15) ජගත් ක්‍රිකට් පිටියට සමු දුන් බව නිවේදනය කළා.

දෝනි යනු සැබවින්ම ලොව විශිෂ්ඨතම නායකයෙකු බව නොරහසක්.

2007 ලෝක 20යි 20 කුසලානය, 2011 එක්දින ලෝක කුසලානය සහ 2013 අයි.සී.සී ශූරයින්ගේ කුසලානය ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව ජය ලැබීම ඊට කදිම නිදසුනක්.

දෝනිට වඩා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අයි.සී.සී කුසලාන ජය ගත් නායකයා වන්නේ ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් පමණයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ලොව වැඩිම තරග සංඛ්‍යාවක් නායකත්වය දැරූ ක්‍රීඩකයා වන්නේ ද එම්.එස්.දෝනි.

ඔහු 2007 – 2018 කාලසීමාවේ දී තරග 332කදී ඉන්දියාව මෙහෙය වූ අතර, ඉන් ජය ලැබූ තරග සංඛයාව 178ක්.

රිකී පොන්ටින් තරග 324කදී ඔස්ට්‍රේලියාව මෙහෙයවමින් තරග 220ක් ජය ලබා ඇති බැවින් දෝනි එම වාර්තාවෙන් ද දෙවැනි වන්නේ පොන්ටින්ට පමණයි.

නායකත්වය දැරූ සමයේ දී දෝනිගේ ඉනිමක පිතිකරණ සාමාන්‍ය 53.55ක් ලෙසයි සටහන් වන්නේ.

ඔහුට වඩා ඉහළ පිතිකරණ සාමාන්‍යක් නායකයෙකු ලෙස සටහන් කර ගෙන ඇත්තේ (ලකුණු 5000කට වැඩියෙන් ලබා ගත් නායකයින් අතරින්) ඉන්දීය වත්මන් නායක විරාට් කෝලි පමණයි.

එමෙන්ම නායකත්වය දරමින් පිතිකරුවෙකු ලබා ගෙන ඇති දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ ද දෝනි.

ඔහුට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් නායකත්වය දරමින් රැස් කර ගෙන ඇත්තේ රිකී පොන්ටින් පමණයි.

එමෙන්ම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියන්හී දී මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දැරූ තරග අතරින් ඉන්දියාව පරාජයට පත්ව ඇත්තේ තරග දෙකක් පමණයි.

ලෝක කුසලාන තරගවලදී ඔහුට වඩා ජය – පරාජ වාර්තා අතින් ඉහළ දක්ෂතාවයක් දක්වා ඇත්තේ රිකී පොන්ටින් සහ කොදෙව් හිටපු නායකයෙකු වන ක්ලයිව් ලොයිඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...