“හෙලිකොප්ටර් පහර නැති වුණා.” දිමුත්ගෙන් දෝනිට පණිවිඩයක්

Date:

ඉන්දීය සුපිරි පිතිකරු සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජගත් ක්‍රිකට් පිටියට සමු දෙන බවට ප්‍රකාශ කිරීමත් සමග මේ වන විට ඔහුගේ අනාගත දිවියට ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ද ඇතුළත්.

ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ එක් යුගයක අවසානය දෝනිගේ සමු ගැනීමත් සමග සනිටුහන් වන බවයි.

එමෙන්ම හෙලිකොප්ටර් පහරවල් ද ඉදිරියේ දි දැක ගැනීමට නොහැකි වනු ඇති බව දිමුත් සදහන් කර සිටියා.

ඉන්දියාවේ විශිෂ්ඨතම නායකයා මෙන්ම ලෝකයේ හොදම ඉනිම් අවසන් කරන්නෙකු ලෙසයි දිමුත් කරුණාරත්න විසින් මහේන්ද්‍ර සිං දෝනිව මෙහිදී හදුන්වනු ලැබුවේ.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දෝනිට සහ අද දින ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගත් සුරේෂ් රයිනාට සුබ පැතුම් එක් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...