බංග්ලාදේශය හා අයර්ලන්තය 20යි 20 ලෝක කුසලානයට

Date:

ලබන වසර මුල දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හා අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, අබුඩාබි හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය සදහා එම කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා ගැනීමත් සමගයි.

අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශය හමුවේ තායිලන්ත කණ්ඩායමත්, අයර්ලන්තය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමත් පරාජයට පත් වුණා.

පළමු අවසන් පූර්ව තරගයෙන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 4 කින්.

දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 11 ක ජයක් බංග්ලාදේශය වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...