Watch : පරදින්න ගිය තරගය දිනන්න ඉන්දියාව කරපු කැත වැඩේ

Date:

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 16ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා එංගලන්තය ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය නමුත්, ඔවුන්ට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි.

ඔවුන්ගේ 9 වැනි කඩුල්ල ලකුණු 118 දී දැවී ගිය අතර, අනතුරුව අවසන් කඩුල්ල සදහා ලකුණු 35 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් Charlie Dean හා Freya Davies එංගලන්තය ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යමින් සිටියා.

කෙසේ වෙතත්, ඉනිමේ 44 වැනි පන්දුවාරය යොමු කළ දීප්ති ෂර්මා විසින් පන්දුවක් යොමු කිරීමට පෙර පන්දු යවන අන්තයේ රැදී සිටි Charlie Dean පිතිකාරිණිය දුවද්දී දවා ගත්තේ මැන්කඩින් ක්‍රමවේදය ඔස්සේයි. (දර්ශන පහතින්)

ඒ අනුව එංගලන්තයට ජය ගත හැකිව තිබූ තරගයක් පරාජයකින් නිමා කිරීමට එංගලන්ත ක්‍රීඩිකාවන්ට සිදු වුණා.

පන්දු යැවීමේ දී රේනුකා සිං ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. සිය අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ Jhulan Goswami ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත් අතර, Rajeshwari Gayakwad ලකුණු 38 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ එංගලන්තයේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 45.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 169 ක් පමණයි.

දීප්ති ෂර්මා නොදැවී ලකුණු 68 ක් රැස් කළ අතර, ස්ම්රිති මන්දනා ලකුණු 50 යි. පන්දු යැවීමේ දී Kate Cross ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...