Watch : පාකිස්තාන පන්දු රකින්නන්ගේ සුපුරුදු නරක පුරුද්ද අදත් කරච්චි පිටියේ දී

Date:

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය මෙරට වේලාවෙන් අද (23) රාත්‍රී 8ට කරච්චි හී දී ආරම්භ වුණා.

ඒ, දෙවැනි 20යි 20 තරගයේ දී පාකිස්තාන කණ්ඩායම විසින් ලකුණු 200 ක සුපිරි හඹා යාමක් සිදු කර පැය 24 ක් ගත වීමටත් පෙරයි.

අද තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී පිල් සෝල්ට් සමගින් විල් ජැක්ස් එංගලන්ත ඉනිම ආරම්භ කළා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිල් සෝල්ට් දැවී ගියේ ලකුණු 8 ක් ලබා සිටියදීයි.

මොහමඩ් හස්නයින් යොමු කළ පන්දුවක් හමුවේ මොහමඩ් නවාස් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙනුයි පිල් සෝල්ට් දැවී ගියේ.

මෙම උඩ පන්දුවේ විශේෂත්වය වූයේ සුපුරුදු පරිදි පාකිස්තාන පන්දු රකින්නන් උඩ පන්දු රැක ගැනීමට යාමේ දී සිදු වන එකිනෙකා අතර ගට්ඨනය මෙහිදී ද සිදුවීමයි.

මොහමඩ් හස්නයින් හා මොහමඩ් නවාස් යන ක්‍රීඩකයින් දෙදෙනාම උඩ පන්දුව රැක ගැනීමට උත්හාස කරමින් යම් ගැටීමක් සිදු වූ නමුත්, නවාස් උඩ පන්දුව සුරැකිව රැක ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cric12222/status/1573331538573500416?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...