Watch : පිට පිට පන්දු දෙකකදී දහානි දවා ගත් කඩුලු දෙක

Date:

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (22) මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට කරච්චි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

එංගලන්ත ඉනිම ආරම්භ කළේ පිල් සෝල්ට් සමගින් ඇලෙක්ස් හේල්ස්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 42 ක්. ඒ, පන්දුවාර 5.1 තුළදීයි.

ඇලෙක්ස් හේල්ස් ලකුණු 26 කට දැවී යාමත් සමගයි එම සබඳතාවය බිද වැටුණේ.

සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද, එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ද 6 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී ම බිද වැටුණා.

ඒ, ඩේවිඩ් මලාන් පළමු පන්දුවෙන්ම දැවී යාමත් සමගයි.

පිට පිට පන්දු දෙකක දී එම කඩුලු දෙක දවා ගත්තේ ශහ්නවාස් දහානි විසින්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...