ශ්‍රී ලංකාව හා තවත් රටවල් 3ක් ඉන්දීය සංචාරයක නිරත වනවා : ගංගුලි

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය රටේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් හා තවත් වැදගත් තොරතුරු රැසක් පිළිබද දැනුවත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි විසින් එරට ප්‍රාන්ත ක්‍රිකට් සංගම් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා නවසීලන්තය යන රටවල් ඉන්දීය තරග සංචාරවල නිරත වීමට නියමිතව ඇති බවයි සභාපතිවරයා සදහන් කර ඇත්තේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

2023-2027 අයි.සී.සී තරග කාලසටහනට (​FTP) අනුව අදාළ තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින හා 20යි 20 තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

2023 වසරේ ජනවාරි මාසයේ දී මෙම තරගාවලි ද්විත්වය පැවැත්වෙන බවට අයි.සී.සී තරග කාලසටහනෙහි දක්වා ඇතත්, මෙතෙක් එම තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් හා ක්‍රීඩාංගන පිළිබද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර, 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ දී සියලු කණ්ඩායම් සත්කාරක හා සංචාර ලෙස (home-and-away format) තරග කිරීමට නියමිතව ඇති බව ද සෞරව් ගංගුලි අදාළ ලිපියේ සදහන් කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය තරගාවලි කිහිපය එම ක්‍රමවේදය යටතේ පැවැත්වීමට නොහැකි වූ අතර, ක්‍රීඩාංගන කිහිපයකදී පමණක් තරග පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

ලබන වසර මුලදී කාන්තා අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අපේක්ෂාවෙන් පසු වන බව ද ගංගුලි විසින් ප්‍රාන්ත ක්‍රිකට් සංගම් දැනුවත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...