ස්මිත්ගේ හා පෝල්ගේ සුපිරි ප්‍රහාරය ගයානා පිලට ජය ගෙනෙයි

Date:

ඔඩියන් ස්මිත් හා කීමෝ පෝල්ගේ වේගවත් ඉනිම් හමුවේ මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් ජැමයිකා තලවාස් කණ්ඩායම පරදා ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.

ගයානා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගයානා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

ඒ, ඔවුන් පන්දුවාර 17ක් අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 104 ක් පමණක් ලබා සිටි පසුබිමකයි.

අනතුරුව ඔවුන් 18 වැනි පන්දුවාරයේදී ලකුණු 31ක් ද, 19 වැනි පන්දුවාරයේදී ලකුණු 24 ක් ද රැස් කිරීමටත් සමත් වුණා.

18 වැනි පන්දුවාරයේදී ඔඩියන් ස්මිත් හයේ පහර පහක් එල්ල කළ අතර, 19 වැනි පන්දුවාරයේදී කීමෝ පෝල් හයේ පහර දෙකක් හා හතරේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුණා. (දර්ශන පහතින්)

ස්මිත් ලකුණු 42ක් පන්දු 16කින් ලබා ගත්තා. පෝල් නොදැවී ලකුණු 24ක් වාර්තා කළේ පන්දු 12කින්.

ෂේයි හෝප් ලකුණු 60 ක් ද රැස් කරමින් මුල් පෙල ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැමෙයිකා කණ්ඩායමට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 166 ක් පමණයි.

හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රෙන්ඩන් කිං ලකුණු 104 ක් රැස් කළේ පන්දු 66කින්. හයේ පහර හතක් සහ හතරේ පහර 8ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

https://twitter.com/cric12222/status/1572878186014441474?s=19

https://youtu.be/46lmL0qCd1U

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...