ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණට උසස් වීමක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණට උසස් වීමක් ලබා දීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා තීරණය කර තිබෙනවා.

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සදහා යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේ ඊයේ (20) පැවැති සුහද හමුවකදී යි යුද්ධ හමුදාපතිවරයා විසින් අදාළ නිලධාරීන් වෙත ඒ සදහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ.

අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිවරයාගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා සහ සුබපැතුම් පිරිනැමීම ද මෙහිදී සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා 2022 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ටී.ටී. අල්ගම, කේ.බී.වයි. ද සිල්වා හා එම්.ඒ.අයි.ජේ. පෙරේරා මෙන්ම ආසියානු කායවර්ධන ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් කායවර්ධන ක්‍රීඩක ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ ද සහභාගී වුණා.

එම අවස්ථාවේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරන ලෙසයි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ.

ඒ අනුව යුද්ධ හමුදාව සදහන් කළේ සාමාන්‍ය සෙබළ එම්.එම්. තීක්‍ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...