හේල්ස්ගේ නැවත ආගමනයේ අර්ධ ශතකය එංගලන්තය ජයග්‍රහනය වෙත රැගෙන යයි

Date:

පාකිස්තානය සමග පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

වසර 3කටත් වැඩි කාලයකට පසුව පළමු වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ ඇලෙක්ස් හේල්ස් පන්දු 40 කින් ලකුණු 53 ක් ලබා ගනිමින් එංගලන්ත හඹා යාම සවිමත් කළා. හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

හැරී බෘෘක් නොදැවී ලකුණු 42 (25) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් ලකුණු 36 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පාකිස්තානය තරගයේ පළමුව පන්දුවට පහර දීමේ දී මොහමඩ් රිස්වාන් ලකුණු 68 (46) ක් රැස් කරමින් ඉනිම ශක්තිමක් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ද සමගින්.

නායක බාබර් අසාම් ලකුණු 31කටත්, ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 28 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ලුක් වුඩ් ලකුණු 24 කට කඩුලු 3 ක් බිද හෙලුවා. අඩිල් රෂීඩ් ලකුණු 27 කට දවා ගත් කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...