ග්‍රීන් හා වේඩ්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඉන්දියාව පළමු 20යි 20 පරදියි

Date:

ඉන්දියාව සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ හඹා යාමක නිරත වෙමින් කඩුලු 4 ක අනර්ඝ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මොහාලි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 209 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.2 ක් අවසානයේ දී යි.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 22 කට දැවී ගිය අතර, ඔහු සමග මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ කැමරන් ග්‍රීන් පන්දු 30 කින් වේගවත් ලකුණු 61 ක් වාර්තා කිරීම විශේෂත්වයක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ස්ටීවන් ස්මිත් ලකුණු 35 යි. ග්ලේන් මැක්ස්වෙල් එක් ලකුණකට දැවී ගියා. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 17 ක් ද, ටිම් ඩේවිඩ් ලකුණු 18 ක් ද, රැස් කළා. ඩේවිඩ් මීට පෙර සිංගප්පූරු කණ්ඩායම නියෝජනය කර ඇතත්, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 තරගයක් ඔහු ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි.

ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය මැතිව් වේඩ් පන්දු 21 කින් හයේ පහර 2 ක් හා හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස් කළා. පැට් කමින්ස් නොදැවී ලකුණු 4 යි.

පන්දු යැවීමේ අක්සාර් පටෙල් පන්දුවාර 4 ක් යොමු කරමින් ලකුණු 17කට කඩුලු 3 ක් දවා ගත් අතර, උමේෂ් යාදව් පන්දුවාර 2ක් යොමු කර ලකුණු 27 කට කඩුලු 2 ක් බිද හෙලුවා. යුස්වේන්ද්‍ර චෙහල් සිය පන්දුවාර 3.2 තුළ එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 42 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 208 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

කේ.එල් රාහුල් ලකුණු 55(35) ක් ද, සූර්යකුමාර් යාදව් ලකුණු 46(25)ක් ද ලබා ගත් අතර, ඉන්දියාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය හර්ඩික් පාන්ඩ්යා පන්දු 30 කින් ලකුණු 71 නොදැවී රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී නේදන් ඇලස් ලකුණු 30 කට කඩුලු 3 ක් හා ජොෂ් හේසල්වුඩ් ලකුණු 39 කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...