පාකිස්තානය පාට මාරු කරපු හේතුව මෙන්න

Date:

පාකිස්තානය හා එංගලන්තය අතර අද(20) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා පාකිස්තාන කණ්ඩායම විශේෂ ඇදුමකින් සැරසී ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම මෙලෙස පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන්නේ වසර 17 කට පසුව වීම ද විශේෂත්වයක්.

මෙම සංචාරයේ දී දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 7ක් ඇතුළත්ව තිබීම ද කැපී පෙනෙන කරුණක්.

අද තරගයේ දී පාකිස්තානය විශේෂ ඇදුමකින් සැරසී ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කළා.

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පාකිස්තානයට සිදු වූ බලපෑම පිළිබද අවධානය යොමු කිරීමේ අරමුණිනුයි ඔවුන් මෙලෙස විශේෂ ඇදුමකින් සැරසීමට තීරණය කර ඇත්තේ.

මෙම ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් මිලියන 33 කට පමණ බලපෑම් එල්ල වූ අතර, පුද්ගලයින් 1,500 කට වැඩි පිරිසක් මිය ගියා.

සිදු වූ හානිය ඇස්තමේන්තුගත කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 30 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...