වෙනස්කම් කිහිපයක් සමග 20යි 20 ලෝක කුසලානයට නවසීලන්ත සංචිතය නම් කෙරේ

Date:

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය අද(20) නිවේදනය කෙරුණා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් 7 වැනි වරටත් 20යි 20 ලෝක කුසලානයක් සදහා නම් කර තිබීම විශේෂත්වයක්.

ෆින් ඇලන් හා මයිකල් බ්‍රේස්වෙල් පළමු වරට අයි.සී.සී ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ලෝක කුසලානයක් සදහා නම් කර තිබෙනවා.

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 20යි 20 ලෝක කුසලානයේ දී අනුශූරතාවය දිනූ නවසීලන්ත සංචිතය හා සැසදීමේ දී මෙවර තරගාවලියට නම් කළ සංචිතයට සිදු කර ඇති වෙනස්කම් දෙක වන්නේ එම ක්‍රීඩකයින් දෙදෙනාගේ නම් කිරීමයි.

වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට ද සමත්ව තිබෙනවා.

ඩෙවෝන් කොන්වේ ප්‍රධාන කඩුලු රකින්නෙකු ලෙසයි සංචිතයට නම් කර ඇත්තේ.

පසුගිය ලෝක කුසලානයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් මේ වන විට ආබාධයකට ලක්ව සිටින ක්යිල් ජමීසන් මෙවර තරගාවලිය සදහා නම් කර නොමැති අතර, ටොඩ් ඇස්ට්ල් හා ටිම් සෙයිෆර්ට් යන ක්‍රීඩකයින්ට ද සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම සංචිතයේ ක්‍රීඩකයින් ඔක්තෝබර් 7 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තුන්කොන් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානය යටතේ නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔක්තෝබර් 22 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

BLACKCAPS Squad for ICC T20 World Cup :

Kane Williamson (c), Finn Allen, Trent Boult, Michael Bracewell, Mark Chapman, Devon Conway (wk), Lockie Ferguson, Martin Guptill, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Ish Sodhi, Tim Southee

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...