Watch : අතීතය සිහිපත් කළ ඩිල්ෂාන්ගේ සුපිරි පන්දු රැකීම

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 10 වැනි තරගය අද (18) පස්වරුවේ ඉන්දෝර් හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

නායක තිලකරත්න ඩිල්ෂාන් එක් ලකුණකට දැවී ගිය අතර, ඩිල්ෂාන් මුණවීර ලකුණු 26 යි. උපුල් තරංග ලකුණු 36 ක් ද, චාමර සිල්වා ලකුණු 18 ක් ද රැස් කළා.

අසේල ගුණරත්න ලකුණු 25 කට දැවී ගියා. ඉසුරු උදාන ලකුණු 6 යි. පන්දු 27 කින් නොදැවී ලකුණු 43 ක් වාර්තා කරමින් ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් අවසානයක් හිමි කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Garnett Kruger කඩුලු 2 ක් දවා ගත් අතර, වර්නන් ෆිලැන්ඩර් හා ජොහාන් බෝතා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී විශිෂ්ඨ පන්දු රැකීමක් තුළින් මෙරට ක්‍රීඩාලෝලීන්ට අතීතය යළි සිහිපත් කිරීමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...