තෙවැනි තරගයත් ජය ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලිය යටතේ ක්‍රීඩා කළ තෙවැනි තරගයෙන් ද ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

ඉන්දෝර් හි පැවැති තරගයෙන් ඔවුන් හමුවේ ලකුණු 11 කින් පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

නායක තිලකරත්න ඩිල්ෂාන් එක් ලකුණකට දැවී ගියා. ඩිල්ෂාන් මුණවීර ලකුණු 26 යි. උපුල් තරංග ලකුණු 36 ක් ද, චාමර සිල්වා ලකුණු 18 ක් ද රැස් කළා.

අසේල ගුණරත්න ලකුණු 25 කට දැවී ගියා. ඉසුරු උදාන ලකුණු 6 යි. පන්දු 27 කින් නොදැවී ලකුණු 43 ක් වාර්තා කරමින් ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට වේගවත් අවසානයක් හිමි කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Garnett Kruger කඩුලු 2 ක් දවා ගත් අතර, වර්නන් ෆිලැන්ඩර් හා ජොහාන් බෝතා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

Morne van Wyk පන්දු 56 කින් හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් සමගින් ලකුණු 76 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත් අතර, තිලකරත්න ඩිල්ෂාන්, ඉසුරු උදාන හා ජීවන් මෙන්ඩිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රීඩා කළ තරග තුනම ජය ගෙන ඇති අතර, ප්‍රසාද ලකුණු 6ක් ඔවුන්ට හිමිව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 5ක් සමගින් දෙවැනි ස්ථානයේත්, ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 3ක් සමගින් තෙවැනි ස්ථානයේත් රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...