පංජාබ් කිංග්ස් නව පුහුණුකරු ප්‍රකාශයට පත් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර සදහා පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ට්‍රෙවර් බෙයිලිස් පත් කර තිබෙනවා.

මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය පියවර ගෙන මාසයකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමකයි පංජාබ් කණ්ඩායම මේ බව නිවේදනය කළේ.

2020 හා 2021 වසරවලදී කණ්ඩායම් 8ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියන්හී දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ අතර, 2022 වසරේ පැවැති කණ්ඩායම් 10ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

නව පුහුණුකරු ට්‍රෙවර් බෙයිලිස් 2019 වසරේ දී එංගලන්ත කණ්ඩායමට ලෝක ක්‍රිකට් ශූරතාවය ජය ගැනීම සදහා මග පෙන්වනු ලැබුවා.

එමෙන්ම 2012 හා 2014 වසරවලදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අයි.පී.එල් ශූරතාවය දිනා ගන්නා විට ද එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බෙයිලිස් 2020 හා 2021 වසරවලදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියේ ශූරතාවය ද ජය ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...