කේප් ටවුන් පුහුණුකරු ලෙස කැටිච් පත් කෙරේ ; මහේලගෙන් පසු මුම්බායි වගකීම කාට ද?

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ක්‍රිකට් ලීගය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ දී MI Cape Town (එම් අයි කේප් ටවුන්) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියාවේ සයිමන් කැටිච් පත් කර තිබෙනවා.

එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා පත් කර ඇති බවයි එම් අයි සමූහය නිවේදනය කළේ.

කණ්ඩායමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස රොබින් පීටර්සන් ද, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස James Pamment ද කටයුතු කිරීමට නියමිතයි.

මීට පෙර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මාර්ක් බවුචර් MI Cape Town කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මේ වන විට වාර්තා කර තිබෙනවා.

ඒ, මෙතෙක් මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම ධූරයෙන් ඉවත් වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...