රසල් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ කොදෙව් සංචිතය මෙන්න

Date:

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය අද (14) ප්‍රකාශයට පත් කෙරුණා.

නිකලස් පූරාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ රොව්මන් පවෙල්.

සංචිතය සදහා එවින් ලුවිස් කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානයේදීයි.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අන්ඩ්‍රි රසල් හා දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන් මෙම සංචිතයට නම් කර නැහැ.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Squad:

Nicholas Pooran (c), Rovman Powell (vc), Evin Lewis, Brandon King, Kyle Mayers, Odean Smith, Johnson Charles, Shimron Hetmyer, Jason Holder, Raymon Reifer, Obed McCoy, Alzarri Joseph, Akeal Hosein, Sheldon Cottrell, Yannic Cariah

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...