ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතාපා ජාත්‍යන්තර හා ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට 36 වන වියේ පසුවන උතාපා 2006 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, ඉන්දියාව වෙනුවෙන් ඔහු එක්දින තරග 46 ක් හා 20යි 20 තරග 13 ක් ක්‍රීඩා කළා.
එම තරග රටා ද්විත්වයේ දී ඔහු පිළිවෙලින් ලකුණු 934 ක් හා 249 ක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.
2007 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොබින් උතාපා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම 2014 වසරේ දී අයි.පී.එල් ශූරතාවය දිනා ගන්නා විටත්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2021 වසරේ දී අයි.පී.එල් ශූරතාවය දිනා ගන්නා විටත් එම කණ්ඩායම්වල සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.
ජාත්‍යන්තර පිටියට හා ඉන්දීය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ඔහු ගත් තීරණයත් සමග උතාපාට ඉදිරියේ දී විදෙස් පන්දුවාර 20යි 20 ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට උදා වි තිබෙනවා.

