ශ්‍රී ලංකාවට එරෙහිව තරග කරන නැමීබියා සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නැමීබියා සංචිතය අද(13) ප්‍රකාශයට පත් කෙරුණා.

Gerhard Erasmus ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයේ ද සිය ස්ථාන රැක ගැනීමට සමත්ව තිබෙනවා.

2021 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය රැදී සිටි කාණ්ඩයෙන් පළමු වටයට තරග කළ නැමීබියාව සුවිශේෂී දක්ෂතාවයක් දක්වමින් තරගාවලියේ සුපිරි 12 වටයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

එම තරගාවලියට ක්‍රීඩා කළ ඩේවිඩ් වීසා මෙවර තරගාවලියට ද නම් කර තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලානයේ දී ද නැමීබියාව පළමු වටයට ක්‍රීඩා කරන අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

Namibia squad:

Gerhard Erasmus (c), JJ Smit, Divan la Cock, Stephen Baard, Nicol Loftie Eaton, Jan Frylinck, David Wiese, Ruben Trumpelmann, Zane Green, Bernard Scholtz, Tangeni Lungameni, Michael van Lingen, Ben Shikongo, Karl Birkenstock, Lohan Louwrens, Helao Ya France.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...