හෙට අලුයම එන ආසියානු ශූර ශ්‍රී ලංකා පිල පිළිගන්න ප්‍රේක්ෂකයින්ටත් ආරාධනා

Date:

6 වැනි වරටත් ආසියානු ක්‍රිකට් ශූරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට(13) අලුයම දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොලට ළගා වන UL 226 ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යංශය සුවිශේෂී පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිළිබද උප සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරු ද ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සදහා එක්වීමට නියමිතයි.

ගුවන් තොටුපළේදී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයෙන් පසු කොළඹ-කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී රථ පෙළපාලියකින් කොළඹ වෙත රැගෙන එන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතීම සදහා එක්වන ලෙසට සියලු ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කර සිටිනවා.

රථ පෙළපාලිය පෙරවරු 6.30ට කටුනායක ගුවන් තොටුපොල අසළින් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී ආසියානු කුසලාන තරගාවලිය ජය ගත්තේ ඩුබායි ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තානය ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...