දකුණු අප්‍රිකාව පරදා එංගලන්තයට තරග 2-1 ක තරගාවලි ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්තය අද(12) සමත් වුණා.

ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

සැක් ක්‍රව්ලි නොදැවී ලකුණු 69 (57) ක් ද, ඇලෙක්ස් ලීස් ලකුණු 39 ක් ද, ඔලී පෝප් නොදැවී ලකුණු 11 ක් ද රැස් කළා.

මෙම තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූයේ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබූ පසුබිමකයි. අනතුරුව දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් තරගයේ දෙවැනි දිනය අවලංගු කිරීමට සිදු වුණා. ඒ අනුව තරගය දින තුනක තරගයක් ලෙසයි ක්‍රියාත්මක වුණේ.

තෙවැනි දිනයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි. මාර්කෝ ජන්සෙන් ලකුණු 30 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනිමට ලකුණු 158 ක් ලබා ගත්තා. ඔලී පෝප් ලකුණු 67 යි. පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 5 ක් බිද හෙලුවා.

අනතුරුව දකුණු අප්‍රිකාවට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි. ඩීන් එල්ගර් ලකුණු 36 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා බෙන් ස්ටොක්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...