අගෝස්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්රිකට් ක්රීඩකයා සම්මානය සිම්බාබ්වේ තුන් ඉරියව් ක්රීඩක සිකන්ඩ රාසා විසින් හිමි කර ගෙන තිබෙනවා.
මෙම සම්මානය දිනා ගත් පළමු සිම්බාබ්වේ ක්රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.
එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්රීඩකයින් දෙදෙනා වූයේ නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් හා එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.
36 හැවිරිදි සිකන්ඩ රාසා අගෝස්තු මාසයේ දී පමණක් ශතක 3 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

