එංගලන්තය 229ක් පිටුපසින් – සිව්වන දිනටත් වර්ෂාවෙන් දැඩි බාධා – Day 4 Report

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(16) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 1ක් දැවී ලකුණු 7ක් ලබා සිටියා.

රොරී බර්න්ස් ලකුණු නොලබා සිටිය දී දවා ගැනීමට ශහීන් ශාෂ් අෆ්රිඩි සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනය සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූ අතර, අද දිනයේ දී ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 10.2ක් පමණයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

මොහොමඞ් රිස්වාන් ලකුණු 72ක් සහ අබිඩ් අලී ලකුණු 60ක් ලබා ගත්තා. බබාර් අසාම් ලකුණු 47යි.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඞ් කඩුුලු 4ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලූවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 229ක්. තරගය සවුත්හැම්ටන් හී දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...