ඩිල්ෂාන් හා මුණවීරගේ සුපිරි ඉනිම් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ සමත් වුණා.

කන්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 218 ක් රැස් කිරීමට සමත් වුණා.

විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56 කින් ලකුණු 107 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 14 ක් සමගින්.

ඩිල්ෂාන් මුණවීර නොදැවී ලකුණු 95 යි. පන්දු 63 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 208 ක්. උපුල් තරංග නොදැවී ලකුණු 3යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.

Nathan Reardon නොදැවී ලකුණු 46 ක් හා නායක ශේන් වොට්සන් ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 36 කට කඩුලු 4 ක් දවා ගත්තා.

https://twitter.com/cric12222/status/1569356252077228032?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...