ලොකුවට ක්‍රිකට් ගැන මාධ්‍ය කතා කරාට කෝ අනිත් දේවල් : දසුන් ශානක

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 10 ක් අවසන් වීමෙන් පසුව සිය සැලසුම වූයේ ලකුණු 140 සීමාව දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.

අවසන් මහා තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් භානුක ඒ බව සදහන් කළා.

ඩුබායි ක්‍රීඩාංගනයේ තණතීරුව පිතිකරණයේ නිරත වීමට මෙම තරගයේ දී අපහසු තත්ත්වයක පැවැති බව ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 58 ක් වන විට දැවී ගොස් තිබූ පසුබිමක පිටියට පිවිසි වනිදු හසරංග ලකුණු 36(21) ක් ලබා ගනිමින් ක්‍රීඩා කළ වේගවත් ඉනිම තමාට තිබූ පීඩනය සම්පූර්ණයෙන්ම ඉවත් කළ  බව ද මෙහිදී භානුක රාජපක්ෂ කියා සිටියා.

භානුක මෙම තරගයේ දී පන්දු 45 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 71 ක්.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද හොදින් ක්‍රීඩා කර ජය ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

එම තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට සිදු වීම අමතර වාසියක් ලෙස සලකන බව ද ඔහු කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව අනෙකුත් ක්‍රීඩා ද දියුණු විය යුතු බවත්, සෙසු ක්‍රීඩා සම්බන්ධයෙන් මාධ්‍ය විසින් වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවත් මෙම මාධ්‍ය හමුවේ දී දසුන් ශානක සදහන් කර සිටියා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...