ශ්‍රී ලංකා යොවුන් පිලට පූර්ණ තරගාවලි පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් (වයස අවුරුදු 19න් පහළ) කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවැති අවසන් එක්දින තරගයෙන් එංගලන්ත යොවුන් ක්‍රීඩකයින් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Leicester හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 252 ක් ලබා ගත්තා.

රනුද සෝමරත්න හා අංජල බණ්ඩාර(නොදැවී) ලකුණු 76 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී Mitchell Killeen, Thomas Aspinwall හා Jamal Richards කඩුලු 2 බැගින් දවා ගත් අතර, ශ්‍රී ලංකා ඉනිමේ දී දුවද්දී දැවී යාම් 4 ක් වාර්තා වීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් පිල පන්දුවාර 44.3 ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

Jacob Bethell ලකුණු 42 ක් ද Thomas Aspinwall(නොදැවී) හා Bertie Foreman ලකුණු 30 බැගින් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මල්ෂ තරුපති කඩුලු 3 ක් හා වනුජ සහන් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

කණ්ඩායම් දෙක අතර පැවැති තරග 2කින් යුත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...