පළමු තරගයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට පහසු ජයක්

Date:

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේ සමත් වුණා.

කන්පූර්හි පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 217 ක් රැස් කළා.

ඉනිම ආරම්භ කළ නාමන් ඕජා ලකුණු 21 ක් හා නායක සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 16 ක් ලබා ගත්තා. සුරේෂ් රයිනා ලකුණු 33යි. යුවරාජ් සිං ලකුණු 6කට දැවී ගියා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ස්ටුවට් බිනී නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේ පන්දු 42 කින්. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

යුසුෆ් පතාන් පන්දු 15 කින් නොදැවී ලකුණු 35 ක් ලබා ගත්තා. හයේ පහර 4 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Johan van der Wath කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණ 156 ක් පමණයි.

නායක ජොන්ටි රෝඩ්ස් නොදැවී ලකුණු 38 ක් ද, Morne van Wyk ලකුණු 26 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී රාහුල් ෂර්මා ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත්තා. මුනාෆ් පටෙල් හා ප්‍රග්යාන් ඕජා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද රාත්‍රී 7.30ට ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...