ස්ටොයිනිස්ට තෙවැනි එක්දින තරගය අහිමි වෙයි

Date:

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේයානු තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස්ට නවසීලන්තය සමග හෙට(11) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ද ඔහුගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිතව ඇති අතර, ඊට පෙර සිය ආබාධය සුව කර ගැනීමේ අරමුණින් ඔහු පර්ත් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියකින් යුත් ඉන්දීය සංචාරය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන සතියේ දී ඉන්දියාව ‍වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

මර්කස් ස්ටොයිනිස් වෙනුවට නේදන් ඇලස් අවසන් එක්දින තරගය සදහා ඔස්ට්‍රේලියානු සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තෙවැනි එක්දින තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9.50 ට ඔස්ට්‍රේලියාවේ කෙයාන්ස් හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විටත් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගෙන සිටින්නේ පළමු එක්දින තරග දෙකම ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...