දකුණු අප්‍රිකාව ලකුණු 118 කට දැවී යයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(10).

තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වූයේ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබූ පසුබිමකයි.

අනතුරුව දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් තරගයේ දෙවැනි දිනය අවලංගු කිරීමට සිදු වුණා.

ඒ අනුව අද දිනයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මාර්කෝ ජන්සෙන් ලකුණු 30 ක් රැස් කළ අතර, Khaya Zondo ලකුණු 23 කටත්, කේෂාව් මහරාජ් ලකුණු 18 කටත් දැවී ගියා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඔලී රොබින්සන් ලකුණු 49 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 41 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...