ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේයානු තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස්ට නවසීලන්තය සමග හෙට(11) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ අනුව එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ද ඔහුගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිතව ඇති අතර, ඊට පෙර සිය ආබාධය සුව කර ගැනීමේ අරමුණින් ඔහු පර්ත් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියකින් යුත් ඉන්දීය සංචාරය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන සතියේ දී ඉන්දියාව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.
මර්කස් ස්ටොයිනිස් වෙනුවට නේදන් ඇලස් අවසන් එක්දින තරගය සදහා ඔස්ට්‍රේලියානු සංචිතයට ආදේශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තෙවැනි එක්දින තරගය හෙට මෙරට වේලාවෙන් පෙරවරු 9.50 ට ඔස්ට්‍රේලියාවේ කෙයාන්ස් හී දී ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගෙන සිටින්නේ පළමු එක්දින තරග දෙකම ජය ගනිමින්.

