“මමත් පීඩනයකින් තරගයට ආවෙ” : වනිදු හසරංග

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග කිහිපයේ දී තමා සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අසමත් වීම හේතුවෙන් පාකිස්තානය සමග සුපිරි 4 වටය යටතේ පැවැති තරගයට ක්‍රීඩා කිරීමේ දී තමාට යම් පීඩනයක් පැවැති බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග පවසනවා.

ඊයේ(9) පැවැති පාකිස්තානයට එරෙහි තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් වනිදු ඒ බව සදහන් කළා.

තමා මෙම තරගයේ දී නිලකුණු පන්දු යොමු කිරීමට දැඩි උත්සාහයක් ගත් බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තමාට කඩුලු 3 ක් දවා ගැනීමට හැකි වූ බවත් ඔහු කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවට එක් වූ නායක දසුන් ශානක සදහන් කළේ පාකිස්තානය සමග පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ද වනිදු හසරංගට සුවිශේෂී කාර්යයභාරයක් පැවරෙන බවයි.

පාකිස්තානයට එරෙහි තරගය හා ආසියානු කුසලාන තරගාවලියේ දී දැක් වූ දක්ෂතා සම්බන්ධයෙන් දසුන් ශානක හා වනිදු හසරංග තවදුරටත් අදහස් දැක් වූ අතර, එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...