ආරෝන් ෆින්ච් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි

Date:

ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට(11) නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය ඔහුගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වනු ඇති.

ෆින්ච් මේ වන විට එක්දින තරග 145 ක් ක්‍රීඩා කර ඇති අතර, මේ වන විට ඔහු සිය සුපුරුදු දක්ෂතා අතර නොමැති වීම මෙම තීරණය ගැනීමට බලපා ඇති බව සදහන්.

ඔහු අවසන් එක්දින ඉනිම් 7 දී ලබා ගෙත ඇත්තේ ලකුණු 26 ක් පමණයි.

කෙසේ වෙතත්, ඔහු මෙම වසරේ දී ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලානයේ දී ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

35 හැවිරිදි ෆින්ච් එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 5,401 ක් රැස් කර ඇත්තේ ශතක 17 ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...