දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හා නිස්සංකගේ 55* ශ්‍රී ලංකාව සුපිරි හතරේ අපරාජිත කරයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ අද(9) පැවැති 6 වැනි හා අවසන් තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබූ අතර, ඒ අනුව ප්‍රමෝද් මදුෂාන් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්. අසිත ප්‍රනාන්දු වෙනුවටයි ඔහුව කණ්ඩායමට කැදවා තිබුණේ.

තරගාවලිය පුරාවට ලකුණු අතර නොසිටින චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවීමට ද පියවර ගැණුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

නායක බාබර් අසාම් ලකුණු 30 ක් රැස් කළ අතර, මොහමඩ් නවාස් ලකුණු 26 ක් ලබා ගත්තා. මොහමඩ් රිස්වාන් ලකුණු 14යි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 21 කට කඩුලු 3ක් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ හා ප්‍රමෝද් මදුෂාන් ලකුණු 21 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ධනංජය ද සිල්වා සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 18 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

කුසල් මෙන්ඩිස් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ධනුෂ්ක ගුණතිලකට ද ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. ධනංජය ද සිල්වා ලකුණු 9 යි.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු දෙකේ දී ත්, තෙවැනි කඩුල්ල ලකුණු 29 දීත් දැවී ගියා. අනතුරුව පැතුම් නිස්සංක හා භානුක රාජපක්ෂ සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සබදතාවය ලකුණු 51 (39) ක්. භානුක ලකුණු 24 (19) කට දැවී ගියා.

අද දින සිය උපන් දිනය සමරන නායක දසුන් ශානක ලකුණු 21(16) ක් ලබා ගත්තා. වනිදු හසරංග නොදැවී ලකුණු 10(3) යි.

ඉනිමේ නැංගුරම බවට පත් වූ පැතුම් නිස්සංක පන්දු 48 කින් ලකුණු 55 රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මොහමඩ් හස්නයින් හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගත් අතර, පාකිස්තානය ඔවුන් ක්‍රීඩා කළ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට සමත් වුණා.

තරගාවලියේ අවසන් තරගය ඉරිදා(11) ඩුබායි හී දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...