ශ්‍රී ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7ක ජයක් වාර්තා කරමින් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) එංගලන්ත යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් ඊයේ(8) රාත්‍රියේ සමත් වුණා.

Worcester හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් පිලට ලබා දුන්නා.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 35 කට සීමා වූ අතර, පන්දුවාර 35 නිමා වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 211 ක්.

රනුද සෝමරත්න ලකුණු 81 ක් හා හසිත අමරසිංහ ලකුණු 71 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Thomas Aspinwall ලකුණු 44 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිම පන්දුවාර 31.3 ක් අවසානයේ දී අත්හිටුවීමට විනිසුරුවන් කටයුතු කළා.

ඒ වන විට එංගලන්ත යොවුන් පිල කඩුලු 6 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියා. ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එංගලන්තය ඒ වන විට තරගය ජය ගැනීම සදහා ලබා ගෙන තිබිය යුතු වූ ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 196 ක්.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව එංගලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7ක ජයක් හිමි වුණා.

George Thomas ලකුණු 86 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...