එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක්

Date:

අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් පෙරමුණේ පසු වූ නවසීලන්ත කණ්ඩායමට මේ වන විට සිය පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකේ දී ලැබූ පරාජයන් හේතුවෙන්.

ඒ අනුව මේ වන විට නවසීලන්තයට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. ඔවුන්ට හිමි ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 117 ක්.

නවසීලන්තය දෙවැනි ස්ථානයට පත් වීමත් සමග මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ එංගලන්තයට හිමිව තිබෙනවා. ඒ, ශ්‍රේණිගත ලකුණු 119 ක් හිමි කර ගනිමින්.

ඉන්දියාව (ශ්‍රේණිගත ලකුණු 111) තෙවැනි ස්ථානයේත්, පාකිස්තානය(107) සිව්වැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව(104) 5 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි. ඒ, ශ්‍රේණිගත ලකුණු 92 ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...