රැජිණගේ අභාවය නිසා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අත්හිටුවයි

Date:

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ඊයේ(8) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද දිනයේ දී නොපැවැත්වෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් එම තීරණය ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලන්ඩන් නුවර ‘ද ඕවල්’ ක්‍රීඩාංගනයේ දී ඊයේ ආරම්භ වූ නමුත්, පළමු දිනය ද සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූයේ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

තරගය ඉදිරියේ දී පවත්වන ආකාරය සම්බන්ධයෙන් පසුව නිවේදනය කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...